fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ව්‍යාපාරිකතොටිල්ල නළවන දෑත් සුක්කානමටත් හුරුයි

    තොටිල්ල නළවන දෑත් සුක්කානමටත් හුරුයි

    දියුණු තාක්ෂණයත් සමඟ වෙනස් වන ලෝකයේ පිරිමි පාර්ශවයට පමණක් සීමා වූ රැකියා දැන් දැන් පවතින සමාජ වෙනස්වීම් සමඟ ගැහැණු පාර්ශවයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කිරීමට සිදු වී තිබේ. එවැනි පිරිමි පාර්ශවයට පමණක් සීමා වූ සාම්ප්‍රදායික ඉංජිනේරු, වෛද්‍ය ගෘහ නිර්මාණ ශිලිපින්ගේ සිට, මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ ගමන් බිමන් යාම සහ ඩිලිවරි ඇප් හරහා කෑම ඇණවුම් කිරීමේ කලාව දක්වා කාන්තාව සම්බන්ධ වී කටයුතු කිරීම වර්තමානය වන විට සුලභ දසුනකි.

    පාරේ ගමන් කරන කූලී රථ වලින් පමණක් ගමන් බිමන් යාමට හුරුව සිටි අප ජනතාව ජංගම දුරකථන යෙදවුම් හරහා ක්‍රියාත්මක වන කුලී රථ සේවාවන් වන PickMe ආදිය හඳුන්වා දීමත් සමඟ ඉතාමත් පහසුවෙන් විනාඩි කිහිපයක් ඇතුළත තමන් රුචි කරන රථය තෝරාගෙන අවශ්‍ය ස්ථානයට යාමට අවස්ථාව සැලසුණි. අවුරුදු 5කට පමණ පෙර, ඩිලිවරි කලාව ලාංකිකයන්ට නුහුරු නුපුරුදු දෙයක් වූවත්, අද වන විට තුන් වේලම පිටතින් ඇණවුම් කර ආහාර ගෙන්වා ගැනීමට මෙරට වැසියන් පුරුදු වී ඇත්තේ ඔවුන් ගත කරන කාර්යබහුල ජීවන රටාව සමඟ විය හැක.

    අනෙකුත් රටවල මෙන් නොව, මුළුතැන්ගෙයටම සීමා වී සිටි අප රටේ කාන්තාවන් PickMe ආයතනය වැනි සමාගම් හඳුන්වාදුන් නව රැකියා අවස්ථා සමඟ තම ජිවීත ගොඩනැඟීමට පමණක් නොව අද වන විට මෙරට ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් ලබාදෙන බවට පහත උදාහරණ වලින් මනාව පැහැදිලි වේ. කාන්තාවන්ව පළමු වරට මෙම ඩිලිවරි හා රියැදුරු කලාවට සම්බන්ධ කොටගෙන ඔවුන්ව නව මානයන් සඳහා යොමු කළේ PickMe කුලී රථ සේවා සමාගමයි.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුලී රථ සේවා සහ සංචලතා විසඳුම් සපයන ආයතනක් වන PickMe ආයතනය ඉහත සඳහන් කරන ලද සේවා සපයනවා පමණක් නොව බොහෝ පිරිසකට රැකියා අවස්ථා සලසා දෙමින් ඔවුන්ගේ ජීවන තත්වයන් වැඩිදියුණු කිරීමට දායකත්වය ලබා දෙනු ලබයි. පිරිමි පාර්ශවය පමණක් නොව ගැහැණු පාර්ශවයද PickMe සමාගම සමඟ එක්වී තම ජිවනෝපායන් සරි කරගැනීමටද වෙහෙසති.

    කොහුවල ප්‍රදේශයේ අනූෂා තෙන්නකෝන් PickMe ආයතනය සමඟ සම්බන්ධ වන්නේ මේ වසරේ එනම් 2021 මාර්තු මස 28 වෙනිදායි. “මුලදී ලැජ්ජාශිලී සහ පාරවල් සම්බන්ධව නිසි දැනුමක් නොතිබුනත්, PickMe ආයතනයට ආවට පස්සේ පාරවල් ගැන දැනගන්න ලැබුනා, වගේම ඕනෑම පුද්ගලයෙක් සමඟ සෘජුව කතා කරන්නටත් බය නැති වුනා” PickMe ෆුඩ්හි සේවය කරන අනූෂා PickMe ආයතනය ලබා දෙන ආරක්ෂාව පිළිබඳ ප්‍රකාශ කළේ, “අපි අපේ ආරක්ෂාව සලසාගන්න උපරිම කටයුතු කරගන්නවා වගේම කස්ටර්මර්ස්ලාත් එක්ක ඇති ප්‍රශ්නයකදි PickMe ආයතනයට අපි දැනුම් දුන්නම, ඔවුන් අප දෙපාර්ශවයටම කතා කරලා ගැටළුව නිරාකරණය කරලා දෙනවා”

    PickMeහී සේවය කරන රියැදුරන්ට හිමිවන තවත් සුවිශේෂි ප්‍රතිලාභයක් වන්නේ තමන්ට පහසු වේලාවට පමණක් රැකියාව සිදුකිරීමට ඇති හැකියාවයි. “මම මගේ දුවලා දෙන්නව ඉස්කෝලෙට ඇරලවලා ඊටපස්සේ ගෙදර වැඩ ඉවර කරලා ආපහු දුවව ගෙදරට දාලා තමයි 2ට විතර යන්නේ ඔන්ලයින්. අපිට ඕනි වේලාවට ඕෆ්ලයින් යන්න පුළුවන්. අපිට මේ නිදහස ඕනතරම් ඇති. ඒ විතරක් නෙවෙයි, මාසේ පඩියක් වගේ නෙවෙයි, අපිට ටාගට් එක දෙනවා. ඒගොල්ලන් දිරිදීමනා දෙනවා, අපිට දවසේ ආදායම අතට එනවනේ.”

    අවුරුදු 5ක් මුළුල්ලේ PickMe ආයතනය සමඟ කටයුතු කරන පන්නිපිටියේ දීප්ති සංජීවනී PickMe ආයතනය සමඟ තමන් ගෙවූ කාලය ගැන මෙසේ පැවසීය. “වාහනේ ෆයිනෑන්ස් එක ගෙවලා ඉවර කරගත්තා. එතකොට දුව බදින්න හිටියේ ඒ වැඩකටයුතු රාජකාරි ටික කරගත්තා. දුවගේ දෑවැද්දට බඩු මුට්ටු ටික හදා ගත්තා. ඉතිං ඒ වගේ දේවල් මම කරගත්තා. හම්බ වෙන සල්ලි මම නාස්ති කරන්නේ නෑ. ගෙදරට වියදම් කරන්නේ නෑ. වාහනය නඩත්තුව සඳහා තියාගන්නවා, මං හම්බ කරගන්න දේවල් ඉතුරු කරගන්නවා. මහත්තයා තමා කන්න බොන්න අරන් දෙන්නේ.”

    දරුවන්ගේ ගමන් බිමන් ආදියද එම වාහනයේම සිදු කරන දීප්ති පවසන්නේ PickMe හරහා ලැබෙන පාරිභෝගිකයන් ගැන බිය විය යුතු නැති බවයි. ලැබෙන දෙයින් සතුටු වන ඇය තමන්ට ලැබෙන මුදල් ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිතා කරන කාර්යශූර තැනැත්තියකි.

    සැමියා PickMe කුලී රථ අංශයේ සේවය කරන විට ඒ හරහා PickMe ෆුඩ් සමඟ සම්බන්ධ වූ වර්ණකුලසූරීය හේරත් තම දරුවන්ද මව්පියන් ලඟ නතර කොට සැමියා සමඟ එක් වී වෙහෙස මහන්සි වන්නේ දියණියන් දෙදෙනාට පැහැබර අනාගතයක් උදා කරලීම සඳහායි. “මුල් දවස් ටිකේ බයික් එකත් පෙරලුනා. එහෙම ඇක්සිඩන්ට් වෙලාත් තියෙනවා. නමුත් ආසාවටම පුරුදු වෙලා ඉගෙනගත්තා. එවගේම කියන්න ඕනි අපි ගැහැණුන් නිසාම කස්ටර්මර්ස්ලා වුණත් අපි අගය කරලා පොඩි ටිප් එකක් දෙනවා.” හේරත් පවසන්නේ පසුගිය දවස් ටිකේ මහන්සි වී දෙදිනක් ඇතුළත රුපියල් 9,000ක් උපයාගත් බවයි. “ඇත්තටම ඉතින් අපි හම්බ කරගන්නවා මාසෙකට බරගානක්. සාමාන්‍යයෙන් අර ගෑනු කෙනෙක් ගෘහ සේවයට රට ගිහිල්ලාවත් මෙච්චර ගානක් හොයන්නෙ නෑ. අපි සාමාන්‍යයෙන් ඉතින් මාසෙකට ලක්ෂයක් විතර හොයනවා. ඇත්තටම මේ ආයතනයට පින් සිද්ද වෙන්න ඕනි. මොකද මේ ආදායමෙන් කීදෙනෙක් නම් ජීවත් වෙනවද”.

    මේ PickMe නිසා තම ජිවීත වෙනස් කරගත් කාන්තාවන්ගෙන් අත්දැකීම් වලින් බිඳකි. ශ්‍රී ලාංකික කාන්තාවන් හට මෙවැනි අනගි වටිනා අවස්ථා රැසක් PickMe ආයතනය විසින් පිරිනමයි.

    PickMe Foodහි අනූෂා තෙන්නකෝන්
    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    Leave a Reply to DilkiCancel reply