Home උණුසුම් පුවත් LPL තරඟවල වෙලාව වෙනස් වෙයි

LPL තරඟවල වෙලාව වෙනස් වෙයි

LPL තරඟවල වෙලාව වෙනස් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙවත් Play off තරග වටයේ ආරම්භ වන වේලාවන් වල සංශෝධනයක් සිදුකර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම තරග අද (19) වැනිදා සිට ආරම්භ වන අතර එදින පැවැත්වීමට නියමිත මූලික තරගය වන එලිමිනේටර් තරගය ප.ව. 4.00 ටත් පළමු සුදුසුකම් ලැබීමේ තරගය ප.ව. 8.30 ටත් ආරම්භ වනු ඇත.

මෙම තරග වටයේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් මහ තරගය ලබන 23 වැනිදා පැවැත්වෙනු ඇත.

ඉදිරි තරග කාල සටහන

19 වැනිදා
පළමු තරගය – කලම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් අතර එලිමිනේටර් තරගය – ප.ව. 4.00

දෙවැනි තරගය – ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් තරගය – ප.ව. 8.30

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here