Home දේශීය පුවත් ශ්‍රී පාද වන්දනා වාරය අරඹමින් දේවාභරණ රැගත් පෙරහැර මළුව බලා ගමන් අරඹයි

ශ්‍රී පාද වන්දනා වාරය අරඹමින් දේවාභරණ රැගත් පෙරහැර මළුව බලා ගමන් අරඹයි

0
ශ්‍රී පාද වන්දනා වාරය අරඹමින් දේවාභරණ රැගත් පෙරහැර මළුව බලා ගමන් අරඹයි

ශ්‍රි පාදස්ථාන වන්දනා වාරය හෙට ඇරඹීම නිමිත්තෙන් ගල්පොත්තාවල ශ්‍රි පාද විහාරස්ථානයේ සිට සුමන සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව ඇතුළු පුජා භාණ්ඩ මළුවට වැඩම කරවීමේ රථ පෙරහැර ආරම්භ වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනු ලැබුවේ අද උදෑසන 5ට එම පෙරහැර ආරම්භ වු බවය.

මෙම රථ පෙරහැර බදුල්ල – රත්නපුර මාර්ගයේ පැල්මඩුල්ලේ සිට රත්නපුර නව නගරය දක්වා ගමන් කර නැවත එම මාර්ගයේම රත්නපුර මහ සමන් දේවාලය දක්වා ගමන් කිරිමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අදාළ කාලය තුළ එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය හැකි බැවින් රත්නපුර-කොළඹ ප්‍රධාන මාර්ගයේ සහ රත්නපුර සිට පානදුර මාර්ගයේ මහ සමන් දේවාලය දක්වා වූ මාර්ගය අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here