Home මුල් පිටුව දිස්ත්‍රික් 6කට අධික රස්නය ගැන අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික් 6කට අධික රස්නය ගැන අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික් 6කට  අධික රස්නය ගැන අනතුරු ඇඟවීමක්

දිස්ත්‍රික්ක 6 කට දැඩි උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්වල ජනතාවට මෙම අනතුරු ඇඟවීම නිකුත්කර ඇත.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානය“ යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව එම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ත් 41ක් අතර දක්වා ඉහළ යා හැකි බව සඳහන්ය.

මේ හේතුවෙන් වැඩබිම්වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බව කාලගුණ විද්‍යාඥයන්ගේ දැනුම් දීමයි.

නිවෙස්වල සිටින වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් විය යුතු බව ද එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here