මුල් පිටුව උණුසුම් පුවත් ජගත් සහකාර මහලේකම් අගමැති හමුවෙයි

ජගත් සහකාර මහලේකම් අගමැති හමුවෙයි

0

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ ජගත් සංවර්ධන වැඩසටහන (UNDP) ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ කන්නි විග්නරාජා මහත්මිය, UNDP හි නියෝජිත පිරිසක් සමඟ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථතකත්වය සම්බන්ධයෙන් එහිදී ඇය සිය ප්‍රශංසාව පළකර ඇත.

තරුණ සවිබලගැන්වීම්,‍ දේශගුණික විපර්යාස සහ පෞද්ගලික අංශයේ නඟාසිටුවීම පිළිබඳ එහිදී සාකච්ඡා කළ බව අගමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බව ද එහිදී දෙපාර්ශ්වය සහතික වී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version