Home උණුසුම් පුවත් LPL බලන්න ටිකට් ගන්න ඕනද?

LPL බලන්න ටිකට් ගන්න ඕනද?

LPL බලන්න ටිකට් ගන්න ඕනද?

මේ වනවිට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL- 2021 තරගාවලිය නැරඹී සඳහා වන ප්‍රවේශ පත්‍ර තුන් ආකාරයකින් මිලදී ගැනීමේ හැකියාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මූලික වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවට අමතරව, srilankacricket.lk, BookMySho.com සහ Daraz.lk යන වෙබ් අඩෙවිවලට පිවිසීමෙන්ද සිය ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ හැකියාව පවතී.

තරගාවලියේ දෙවැනි අදියර වන පිළිමළුන් පිටුදැකීමේ අදියර සඳහා වන ප්‍රවේශ පත්‍ර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඇති ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටුවා තිබෙන ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් දිනපතා පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතිද්දී මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ප්‍රවේශ පත්‍ර කවුලුව දෙසැම්බර් 19 වැනිදා සිට විවෘත වනු ඇත.

පෙ.ව. 9.00 සිට ප.ව. 6.00 දක්වා වූ කාල සීමාවේදී එම ප්‍රවේශ පත්‍ර ක්‍රීඩාංගණ ප්‍රධාන ගේට්ටුවෙන් (‘ඒ’ ගේට්ටුව) මිලදී ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවේ.

අන්තර්ජාලය හරහා වෙන්කර ගනු ලබන ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් හෝ තරග ක්‍රියාත්මක ක්‍රීඩාංගණවල පිහිටුවා තිබෙන ප්‍රවේශපත්‍ර මධ්‍යස්ථානවලින් ලබාගත හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here