fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බාල ඉන්ධන ගැන පැමිණිලි කරන්න තැනක්

    බාල ඉන්ධන ගැන පැමිණිලි කරන්න තැනක්

    ප්‍රමිතියෙන් බාල පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් සම්බන්ධයෙන් ජනතාවගේ පැමිණිලි විභාග කර විසඳුම් ලබාදීමේ නව වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සකස් කර තිබේ.

    එමගින් ලිහිසි තෙල් කර්මාන්තයේ පැමිණිලි විසඳීමටත් ආරවුල් විසදා ජනතාවට සහන සැලසීමටත් හැකි වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

    මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ප්‍රමිතියෙන් තොර පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් පිළිබඳ ජනතාවට පැමිණිලි කිරීමට මෙතෙක් ක්‍රමවේදයක් නොතිබූ බව ය.

    ඒ පිළිබඳව ජනතාව තුළ මෙතෙක් විශ්වාසයක් නොතිබූ බවද උදය ගම්මන්පිල මහතා පැවසීය.

    එම ගැටළුවට මින් ඉදිරියට විසඳුමක් ලැබෙන බව බවද ගම්මන්පිල මහතා කීය.

    මෙම නව වැඩපිළිවෙළ පිළිබඳව දහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා විෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේ තෙල් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අදියර දෙකකින් විසඳන බව ය.

    පළමු පියවරේ දී සේවා සපයන්නාගේ මැදිහත් වීම හරහා පැමිණිලි විසඳන අතර දෙවන අදියරේ දී සේවා සපයන්නා සහ පත්කරන ලද නියාමකයකු මැදිහත්වී විසඳුම් සොයා බලන බවද කුමාරසිංහ මහතා කීය.

    ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ බලශක්ති අමාත්‍යාංශය එම පැමිණිලි සම්බන්ධයෙන් පිරවිය යුතු ලිපි ලේඛන මේ වන විටත් ප්‍රසිද්ධියට පත් කර ඇත.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.