තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් සීල් එකේ ගෑස් සිලින්ඩරත් පුපුරලා

    අලුත් සීල් එකේ ගෑස් සිලින්ඩරත් පුපුරලා

    නව මුද්‍රාවක් සහිතව ආ ගෑස් සිලින්ඩර ද පිපිරීමට ලක්වන බවට අනාවරණය වීමත් සමඟ ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    හඟුරන්කෙත ප්‍රදේශයේ දී එවැනි සිද්ධියක් වාර්තා වී ඇත.

    සංයුතිය පරික්ෂා කරන ලද නව ගෑස් සිලින්ඩර මෙලෙස අලුත් මුද්‍රාවකින් වෙළඳපොළට නිකුත්කර තිබේ.

    එසේ වුවද එම නව ගෑස් සිලින්ඩරයක් ද පුපුරා යාමෙන් පසු ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළ බව අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    සංයුතිය පරීක්ෂාකර බලා නව මුද්‍රාවකින් නිකුත් වූ සිලින්ඩර ද පුපුරා යාමට ලක් වෙමින් ඇති බව අද පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ ද විපක්ෂයේ දී මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img