Home උණුසුම් පුවත් ඉන්ටපෝල් රතු වරෙන්තුකාරියක් කටුනායකදී අත්අඩංගුවට

ඉන්ටපෝල් රතු වරෙන්තුකාරියක් කටුනායකදී අත්අඩංගුවට

ඉන්ටපෝල් රතු වරෙන්තුකාරියක් කටුනායකදී අත්අඩංගුවට

ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටර්පෝල් වෙත අවශ්‍යව සිටි බ්‍රසීල ජාතික කාන්තාවක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම 23 හැවිරිදි සැකකාරියට INTERPOL විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබී ඇත.

ඇය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම හේතුවෙන් INTERPOL විසින් මෙම රතු නිවේදනය නිකුත් කර තිබුණි.

ඇය ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කර ඇත්තේ තායිලන්තයේ සිට බව වාර්තා වේ.

අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඇය පිටුවහල් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here