Home මුල් පිටුව ජනපති පළමු වසරේදීම ලේකම් කාර්‍යලයේ වියදම් බිලියන 1.7කින් අඩු කරලා

ජනපති පළමු වසරේදීම ලේකම් කාර්‍යලයේ වියදම් බිලියන 1.7කින් අඩු කරලා

0
ජනපති පළමු වසරේදීම  ලේකම් කාර්‍යලයේ වියදම් බිලියන 1.7කින් අඩු කරලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය පළමු ධූර කාලය තුළ ජනාධීපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය බිලියන 1.7 කින් අඩුකර ඇතැයි කෘෂි කර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයේ සිටි 2019 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය රුපියල් බිලියන 3.02 ක් වන බවද මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වූ පළමු වසර වන 2020 දී ජනාධිපති ලේකම් කාර්යාලයේ වියදම් ලෙස සැලකෙන්නේ රුපියල් බිලියන 1.2 ක් වන බවද ඔහු කීය.

මෙවන් ඉතිරියක් කරන්නට හැකියාව ලැබී ඇත්තේ අනවශ්‍ය වියදම් කපා හැරීම හේතුවෙන් බවත් ගෙවී ගිය වසර එකහාමාර තුළ ගෝඨාභය ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර සදහා වියදම වන්නේ රුපියල් ලක්ෂ 32 ක් පමණක් බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here