තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිල මට්ටු කරන්න මියන්මාරයෙන් හාල්

    මිල මට්ටු කරන්න මියන්මාරයෙන් හාල්

    මෙට්‍රික්ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460 බැගින් මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 20,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් එම සහල් ආනයනය කිරීමට ‍‍ වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.

    අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.

    හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාමටත් හැකි වන පරිදි සහල් මෙට්‍රික්ටොන් 100,000ක් දක්වා ආනයනය කිරීමට 2021 සැප්තැම්බර් 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත පදනම්ව මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් 20,000ක්, මෙට්‍රික්ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460ක් බැගින් සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කිරීම පිණිස‍‍‍ වෙළෙඳ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img