Home උණුසුම් පුවත් සිම්බාබ්වේ හිරවී සිටින කාන්තා ක්‍රීකට් කණ්ඩායම මෙරටට ගේන්න ගුවන් සමාගම් සමඟ සාකච්ඡා අරඹයි

සිම්බාබ්වේ හිරවී සිටින කාන්තා ක්‍රීකට් කණ්ඩායම මෙරටට ගේන්න ගුවන් සමාගම් සමඟ සාකච්ඡා අරඹයි

0
සිම්බාබ්වේ හිරවී සිටින කාන්තා ක්‍රීකට් කණ්ඩායම මෙරටට ගේන්න ගුවන් සමාගම් සමඟ සාකච්ඡා  අරඹයි

ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ හී පැවති ක්‍රිකට් තරඟ සඳහා සහභාගිවීමට ගොස් සිටියදී කොවිඩ් හේතුවෙන් එරට සිරවී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන්වා ගැනීමට තනි ගුවන් යානාවක් වෙන්කර ගැනීම සම්බන්දයෙන් මේ වන විට ගුවන් සමාගම් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා පවත්වමින් ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සදහන් කරන්නේ ඒ සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයද සහයෝගය දක්වන බවය.

කොවිඩ් හී නව ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ආසාදිතයන් හමුවී ඇති රටවල් අතර සිම්බාබ්වේද ඇතුලත්ය. ඒ හේතුවෙන් පැවත්වෙමින් තිබුණු ක්‍රිකට් තරගාවලිය ඊයේ (27) අත්හිටුවනු ලැබීය.

අනතුරුව ක්‍රීඩිකාවන් එරටින් පිටත්වීමට පෙර කළ පී.සී.ආර්. පරීක්ෂාවේදී ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවන් 07 දෙනෙකුට කොවිඩ් ආසාදිතව ඇතැයි තහවුරුවී තිබේ.

මෙම සංචාරයට ගිය පිරිස ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ සහායක කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමත්විත විය.

කොවිඩ් ආසාදිත ක්‍රීඩිකාවන් 07 දෙනා හැරුණු කොට සෙසු ක්‍රීඩිකාවන් සහ කාර්ය මණ්ඩලය ඊයේ සෙසු විදෙස් කණ්ඩායම් 08 ද සමඟ ඩුබායි බලා පැමිණීමට නියමිතව තිබුණි. එහෙත් සෙසු කණ්ඩායම් ශ්‍රී ලංකික කණ්ඩායමේ සාමාජිකයන් ගුවන් යානාවට ප්‍රවේශකර ගැනීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ හී රැදී සිටීමට මේ වන විට සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here