තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලක්ෂ 10ක් වටිනා ආභරණ මල්ලේ හිමිකරු සොයා දුන් පොලිස් නිලධාරියාට ලක්ෂ 2ක...

    ලක්ෂ 10ක් වටිනා ආභරණ මල්ලේ හිමිකරු සොයා දුන් පොලිස් නිලධාරියාට ලක්ෂ 2ක තෑග්ගක්

    අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගැනීමට කිරිබත්ගොඩ සිට ඉල් පොහොය යෙදී තිබුණු ඉකුත් 18 වෙනිදා පැමිණි කාන්තාවක් විසින් උඩමළුව බෝධිමන්දිරයේ අතපසුවීමකින් දමා ගොස් තිබුණු ලක්ෂ 10 ක් පමණ වටිනා රන් ආභරණ සහිත ගමන් මල්ල ආරක්ෂාකාරීව එම කාන්තාවට නැවත ලබාදීමට පොලිස් සැරයන් එස්.එම්.ඒ සිරිපාල මහතා පියවර ගෙන තිබේ.

    උඩමළුව පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටින පොලිස් සැරයන් එස්.එම්.ඒ සිරිපාල (48176) මහතාගේ එම ක්‍රියාව අගයමින් රුපියල් ලක්ෂ 02 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පියවර ගෙන තිබේ.

    එදින බුද්ධ මන්දිරයේ රාජකාරියේ නිරතව සිටි මෙම නිලධාරියා හිමිකරුවෙක් නොමැති ගමන් මල්ල දැක එය සිය භාරයට ගෙන පරීක්ෂා කිරීමේදී මුදලින් රුපියල් 4500 ක්ද රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන් අභාරණද දැක ඇත.

    ගමන් මල්ලෙහි තිබුණු තොරතුරුවලට අනුව එහි හිමිකරු කිරිබත්ගොඩ සිට පැමිණි කාන්තාවක් බව හදුනාගෙන ඇයව සොයා එම ගමන්මල්ල ඇය අතට පත්කිරීමට පියවර ගෙන තිබේ.

    මෙම නිලධාරියාගේ එම සත්ක්‍රියාව අගයමින් මුදල් තයාගයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් පිරනැමීමට පියවර ගෙන ඇත්තේ සෙසු නිලධාරීන්ටත් එය ආදර්ශයක් වනු ඇති නිසා බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img