Home උණුසුම් පුවත් තෙල්දෙණිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය 10,000ක් ගන්නකොටම අල්ලයි

තෙල්දෙණිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය 10,000ක් ගන්නකොටම අල්ලයි

0
තෙල්දෙණිය අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය 10,000ක් ගන්නකොටම අල්ලයි

විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගෙන් රුපියල් 10,000 ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදී තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

අධිකරණ නියෝග මත දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සදහන් කරයි.

තෙල්දෙණියේ පිහිටි ඇගලුම් සාප්පුවක් ඉදිරිපිට මාර්ගයේදී අදාල අල්ලස් මුදල අද සවස ලබාගන්නා අවස්ථාවේදීම ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය කටුගස්තොට පදිංචි තැනැත්තියකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here