Home උණුසුම් පුවත් හමුදාව යටතේ තිබූ වලිකාමම් අක්කර 3000ක් මුල් හිමිකරුවන්ට

හමුදාව යටතේ තිබූ වලිකාමම් අක්කර 3000ක් මුල් හිමිකරුවන්ට

හමුදාව යටතේ තිබූ වලිකාමම් අක්කර 3000ක් මුල් හිමිකරුවන්ට

ආරක්ෂක අංශ යටතේ පැවැති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 3000ක් පමණ ඒවායේ මුල් හිමිකරුවන්ටම ලබාදීමට රජය තීරණය කර ඇතැයි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේය

යුධ සමයේදී ආරක්ෂක අංශ යටතට පත්වූ ඉඩම් ඒවායේ මුල් හිමිකරුවන්ටම ලබාදීම සම්බන්ධයෙන් තමා පසුගියදා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද ඔහු පැවසීය.

ඒ අනුව මේවනවිට ආරක්ෂක අංශ යටතේ තිබෙන උතුරු පළාතේ ඉඩම් ක්‍රමයෙන් ඒවායේ මුල් හිමිකරුවන්ටම ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here