තවත්
    මුල් පිටුවදේශීය පුවත්කාන්තාවන්ට හෙළුවැලි පිංතූර පෙන්වූ පරිගණක ශිල්පියා සී.අයි.ඩී. අත්අඩංගුවට

    කාන්තාවන්ට හෙළුවැලි පිංතූර පෙන්වූ පරිගණක ශිල්පියා සී.අයි.ඩී. අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප යොමුකරමින් සිටි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    හතලිස් හැවරදි වියේ පසුවන එම පුද්ගලයා එසේ කාන්තාවන්ට යොමුකර ඇත්තේ ඔහුගේ ශරීරයේ රහස් ස්ථානවල ඡායාරූප බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් තෙල්දෙණියේ පදිංචිව සිටින කාන්තාවක් විසින් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ කහවත්තේදී බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

    පරිගණක ශිල්පියෙක් මෙන්ම පරිගණකයෙන් දැන්වීම් සකස්කරන පුද්ගලයෙක්ද වන මොහු අසභ්‍ය කටයුත්ත සදහා යොදාගෙන ඇත්තේ වෙනත් පුද්ගලයින්ගේ ජාතික හැදුණුම්පත් පිටපත් යොදාගනිමින් ලබාගත් දුරකතන සිම්කාඩ්පත් යොදාගෙන බවද විමර්ශනවලින් හෙළිවී ඇත. එසේ ඔහු විසින් විවිධ පුද්ගලයින්ගේ නම් වලින් මෙම කටයුත්ත සදහා ලබාගෙන තිබුණු සිම්කාඩ්පත් 107 ක්ද පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    මෙම සැකකරුට එරෙහිව අපරාධ පනතින් සහ අසභ්‍ය ප්‍රකාශන පනතෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සදහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img