මුල් පිටුව දේශීය පුවත් වරෙන්තුකරු අල්ලන්න උදව් දුන්නා කියා බෝරා පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

වරෙන්තුකරු අල්ලන්න උදව් දුන්නා කියා බෝරා පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

0

බම්බලපිටියේ පිහිටි බෝරා මුස්ලිම් පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර විනාශයක් කිරීමට තැත්කිරීමක් සම්බන්දයෙන් බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරු ලබන 23 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිරාණි පෙරේරා මහත්මිය නියෝග කළාය.

බම්බලපිටිය ආදිමලේ පෙදෙසේ පදිංචිකරුවෙක් වන හුසේමා අබ්බාස් කැන්බෝයි නැමැති අයෙකි.

මෙම සැකකරු පෙරේදා (09) සිය නිවසේ සිට පෙට්‍රල් බෝම්බයක් ගෙනවිත් බෝරා දේවස්ථානයට දමා ගසා ඇති බවත් එය පිපිරීනොයාම නිසා නැවත නිවසට ගොස් තවත් බෝම්බයක් රැගෙනවිත් පහරදීී ඇති බවත් බම්බලපිටිය පොලීසිය සඳහන් කරයි.

එම අවස්ථාවේදී පල්ලියේ පිරිස් ඔහු අල්ලා පොලීසියට දැනුම්දී ඇති බවත් ඒ අනුව පොලීසිය එහි පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. සැකකරු බෝම්බය එල්ලකර ඇත්තේ දේවස්ථානයේ මුළුතැන්ගෙය දෙසටය. එහි ගෘහස්ත ගෑස් ටැංකි කිහිපයක් තිබී ඇති අතර ඒවාට ගිනි ඇවිළුනි නම් මහා විනාශයක් සිදුවීමට ඉඩ තිබුණු බව පොලීසිය කියයි.

මෙම බෝම්බ ප්‍රහාරය එල්ලකිරීමට මුල්වී ඇත්තේ වරෙන්තුකරුවෙක් වූ එම පුද්ගලයාව කොල්ලුපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමට ඊට දින කිහිපයකට පෙර පැමිණි අවස්ථාවේදී ඔහු පල්ලිය ආසන්නයේ ගොඩනැගිල්ලක සැඟවී සිටියදී පොලීසිය පල්ලියේ ඉනිමගක් යොදාගෙන එම ගොඩනැගිල්ලට ඇතුළු වී ඔහුව අත්අඩංගුවට ගැනීම නිසා ඇතිවූ වෛරයක් නිසා බව ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී තිබේ. ඔහු විශ්වාස කරනුයේ තමා සැඟවී සිටි තැන පොලීසිය දැනගත්තේ පල්ලියෙන් වටය. ඒ අනුව පල්ලියට බෝම්බ ගැසූ බවද සැකකරු පවසා තිබේ.

බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික ප්‍රසන්න රත්නායක මහතාගේ මෙහෙයැවීමෙන් විමර්ශන සිදුවිය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version