Home special වසර 24 කට පසු කාන්තා නිලධාරිනියකට පොලිස් OIC පුටුවක්

වසර 24 කට පසු කාන්තා නිලධාරිනියකට පොලිස් OIC පුටුවක්

0
වසර 24 කට පසු කාන්තා නිලධාරිනියකට පොලිස් OIC පුටුවක්

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වසර 24 කට පසු කාන්තා නිලධාරිනියකට පොලිස් ස්ථානාධිපති ධූරයක් හෙට නැවත හිමිවීමට නියමිතය.

ඒ හෙට අලුතින් විවෘත කරන ගම්පහ නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ධුරයයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවක් වන කාංචනා සමරකෝන් මහත්මිය එහි ස්ථානාධිපතිවරිය ලෙස පත්කිරීමට රාජ්‍ය සේවා කොමිසම පියවර ගෙන තිබේ .

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරිනියක් පළමුවරට පොලිස් ස්ථානාධිපති ධුරයක් දරා ඇත්තේ 1997 වසරේදීය.

ඒ යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරිය ලෙස කටයුතු කළ පද්මිණි මහත්මියයි.

ඇයගෙන් පසු කාන්තා පොලිස් නිලධාරිනියකට මෙතෙක් පොලිස් ස්ථානාධිපති ධුරය හිමිව තිබුණේ නැත.

කාංචනා සමරකෝන් මහත්මිය ද මේ දක්වා පොලිස් ස්ථානවල කාන්තා හා ළමා කාර්යංශවල ස්ථානාධිපති ධුරයේ කටයුතු කළ තැනැත්තියකි.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්.එම්.අයි. කාංචනා සමරකෝන් ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ දී හෙට ප.ව. 4.00 වැඩ බාරගැනීමට නියමිතය.

මෙම පොලිස් ස්ථානය නව පොලිස් ස්ථානයක් ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අතින් එදින විවෘත කිරීමට නියමිතය.

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කාංචනා සමරකෝන් කෑගල්ල හෙම්මාතගම ප්‍රදේශයේ උපත ලද අතර කෑගලු බාලිකා මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ලදී.

1997 දී කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වී ඇති අතර, හලාවත, වව්නියාව, ගම්පහ, මිරිගම, නිට්ටඹුව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ කොට්ඨාශයන්හි සේවය කර ඇත.

ඇගේ ස්වාමිපුරුෂයාද ශ්‍රී ලංකා පොලිසියේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු ලෙස සේවය කරනු ලබන අතර, ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here