තවත්
    මුල් පිටුවCOVIDෆයිසර්- මොඩර්නා ආරක්ෂාව මාස 6න් බහී - දෙසැම්බරයේ එන පොට හොඳ නෑ

    ෆයිසර්- මොඩර්නා ආරක්ෂාව මාස 6න් බහී – දෙසැම්බරයේ එන පොට හොඳ නෑ

    කොවිඩ් මර්දනය සදහා භාවිත කළ ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත්වල ප්‍රතිශක්තීකරණය මාස 06 ක කාලයක් ඇතුළත සැළකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවට අමෙරිකානු පර්යේෂකයන් කළ අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.

    ඒ අනුව 89%ක් පැවති ෆයිසර් එන්නතේ ඵලදායිතාව 58% ක් දක්වාත්, 87%ක් වූ මොඩර්නා එන්නතේ ඵලදායිතාව 43% දක්වාත් 86%ක්ව තිබූ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත 13% දක්වාත් ආරක්ෂාව පහල ගොස් ඇත.

    මෙරට තුළ ද වැඩි වශයෙන් ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාගෙන ඇති බැවින් ඒ පිළිබඳ රජය අවධානයෙන් සිටින බව ද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

    “මාර්තු මාසයේ සිට සැප්තැම්බර් දක්වා මාස හයක කාලයක් තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ලෙසම භාවිත කරපු ෆයිසර්‌, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් වර්ග තුනේ ආරක්ෂාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා කියලා මේ පර්යේෂණයට අනුව මාර්තු මාසයේදී 89% ක් වූ ෆයිසර්‌ එන්නතේ ඵලදායිතාවය 58%ක් දක්වා අඩුවෙලා තියෙනවා. 87%ක් වූ මොඩර්නා එන්නතේ ආරක්ෂාකාරී බව 43% දක්වාත් අඩු වෙලා තියෙනවා. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ 86%ක ආරක්ෂාවක් ලැබෙනවා එය සියයට 13% දක්වා අඩුවෙලා.

    අපේ රටෙත් ෆයිසර්‌ සහ මෝඩර්නා සෑහෙන ප්‍රමාණයක් දුන්නා. මේ සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවෙලා තියෙනවා. මේ පර්යේෂකයන් යෝජනා කරන දේ තමයි තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සහ මුව ආවරණය බරපතළ ලෙස අනිවාර්ය කිරීම, එකිනෙකා අතර පරතරේ තියාගන්න. මේ දෙසැම්බරයේ එන පොට හොඳ නැති බවයි මේ පර්යේෂණ දත්ත වලින් අනාවරණය කරල තියෙන්නෙ.” යැයි ද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img