Home දේශීය පුවත් කැලණිය නව කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

කැලණිය නව කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

0
කැලණිය නව කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට කැලණිය රජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පත් කර තිබේ.

අපවත්වී වදාළ අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගෙන් පුරප්පාඩු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මෙසේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි පත් කර ඇත.

කොළඹ කොල්ලුපිටියේ අප්පුහාමි දසනායකට සහ පොඩිහාමිනේ දසනායක දෙමාපියන් දාව මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ උපත ලැබූහ.

උන්වහන්සේ සහෝදරයන් හතර දෙනෙකු සහ සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියාය. ළමා කාලයේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා අධ්‍යාපනය හා ක්‍රීඩාව යන දෙඅංශයෙන්ම විශිෂ්ට වාර්තා තබා ඇත.

1960 ගණන්වල එවකට කැලණි රජ මහා විහාරාධිපති තලේවෙල විජිත ධම්මරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනාව යටතේ ශාසනයට ඇතුළු වූ උන්වහන්සේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ධර්ම ග්‍රන්ථ හදාරා 1979 දී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපයෙන් බෞද්ධ දර්ශනය සහ ප්‍රංශ භාෂාවට උපාධි ලැබූහ.

අනතුරුව දිල්ලි විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි පර්යේෂණ සඳහා ප්‍රංශ භාෂාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ගැනීමට සෝබෝන් විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු කිරීමට උන්වහන්සේට අවස්ථාව උදා වූහ.

නැවත ශ්‍රී ලංකාවට වැඩම කළ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ 1993 දී කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයට බැඳුණු අතර එහිදී බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය (2006), දෙපාර්තමේන්තු ප්‍රධානී (2006 – 2008) සහ වැඩබලන පීඨාධිපති ධූරය ද හෙබවූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here