තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන්මල් ගැන පොලිස් පරීක්ෂණවලට බාලගිරි දෝෂ

    රන්මල් ගැන පොලිස් පරීක්ෂණවලට බාලගිරි දෝෂ

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් පුද්ගලයෙකුට පහරදී නිරුවත්කර ඡායාරූප ගැනීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ල කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර විමර්ශනයක් පවත්වා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් තමාට ලබාදෙන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

    ඒ පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් නීති සමාගමක් මගින් අමාතයාංශයේ ලේකම්වරයාට යොමුකර ලිපියක් පදනම්කරගෙනය.

    තමා ගමන් කළ ජිප් රථය ඉස්සර කරමින් මෝටර් රථයක් පැදවීම සම්බන්ධයෙන් උරණව රන්මල් කොඩිතුවක්කු මහතා විසින් එම පහැරදීම කළ බවට චෝදනා නැගෙන අතර එම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 25 වෙනිදාය.

    පහරදීම සිදුවන්නේ මහමගදී බැවින් එය යම් පුද්ගලයෙක් ජංගම දරකතනයකින් වීඩියෝකර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි. ඒ සම්බන්ධයෙන් සමාජයේ යම් ආන්දෝලනයක් සිදුවන විට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝගකර තිබුණි. ඒ අතර රන්මල් කොඩිතුවක්කු මහතා සබරගමුවෙන් ඉවත්කර පොලිස් සුබසාධන හා වෛද්‍ය අංශයට මාරුකරනු ලැබීය.

    අදාල සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි පොලිස්පති විසින් විශේෂ විමර්ශන ඒකකයට නියෝගකර සතියකට වැඩි කාලයක් ඉක්මවා ගොස් ඇතත් අදටත් එම සිදුවීමට මුල්වූ පුද්ගලයාගෙන් හෝ සිද්ධිය වූ ස්ථානයට හෝ ගොස් විමරශන කටයුත්තක් ආරම්භවී නොතිබුණි. පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරනු ලැබුවේ පොලිස්පතිවරයාගේ නියෝගයට විශේෂ විමර්ශන ඒකකය වහාම ක්‍රියාත්මක වීමක් සිදුවී නොමැති බවකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img