Home ක්‍රීඩා 20/20 පන්දු යවන්නන් අතර වනිඳු අංක 01 ට

20/20 පන්දු යවන්නන් අතර වනිඳු අංක 01 ට

0
20/20 පන්දු යවන්නන් අතර වනිඳු අංක 01 ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පන්දුවාර 20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ” පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග සමත්ව ඇත.

පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු 776 ක් ලබාගනිමින් විනිඟු මෙසේ පළමු ස්ථානයට පැමිණ තිබේ.

ඒ අනුව මෙතෙක් කලත් මෙම ශ්‍රේණිගත කිරීමේ පළසු තැනේ රැදී සිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රේස් ශම්සි දෙවැනි ස්ථානයට පත්ව ඇත.

වනිඳු හසරංග මේ දක්වා පන්දුවාර 20 ජාත්‍යන්තර තරඟ 32කදී කඩුලු 50ක් දවාගෙන තිබේ.

මීට අමතරව ඔහු පන්දුවාර 20 තුන් ඉරියව් ක්‍රීඩක ලයිස්තුවේ 3 වන ස්ථානයද හිමි කරගෙන ඇත. ඒ ප්‍රසාද ලකුණු 172 ලබා ගනිමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here