Home දේශීය පුවත් අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන්නැයි කළ සිරිල් ගාමිණි පියනමගේ ඉල්ලීම සලකා බැලීමට අධිකරණය තීරණය කරයි

අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන්නැයි කළ සිරිල් ගාමිණි පියනමගේ ඉල්ලීම සලකා බැලීමට අධිකරණය තීරණය කරයි

0
අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන්නැයි කළ සිරිල් ගාමිණි පියනමගේ ඉල්ලීම සලකා බැලීමට අධිකරණය  තීරණය කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

ඒ අනුව එම පෙත්සම ලබන 08 වෙනිදාට කැදවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස්ගතව සිටින මෙරට කතෝලික ජනතාව දැනුවත් කිරීමට සූම් ඔස්සේ පැවති වැඩසටහනකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් සිරිල් ගාමිණි පියතුමන් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට මුල්වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here