fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම

    වැසි තත්ත්වය තරමක් පහව ගියත් පීරී ඉතිරී පවතින ජලාශවල වාන් දොරටු විවෘත කිරීම් සිදුවන බැවින් පහත්බිම් ගංඟා සහ ඇල දොල ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ඒ සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

    තබ්බෝව, රාජාංගනය, කලාඹය සහ දැදුරුඔය ජලාශවල වාන් දොරටු ඊයේ සිට විවෘතකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් කල්තියාම පහළ බිම්වල ජීවත්වන ජනතාව දැනුවත් කෙරුණු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරයි.

    උඩවලව ජලාශයේද ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් අද දිනයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිතව ඇති බැවින් වලවේ ගඟ දෙපස සිටින්නන් ඒ සම්බන්ධයෙන් දැනුවත්කර ඇති බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

    වැසි ත්ත්වය හමුවේ පසුගිය දින කිහිපය තුළ මරණ 04 ක් වාර්තා වූබවත් එයින් මරණ දෙකක් අකුණු අනතුරු වන අතර සෙසු අණතුරු දියේ ගිලීම් බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කරයි.

    ජනතාවගෙන් ඔහු ඉල්ලා සිටින්නේ අකුණු අණතුරු සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින ලෙසිණි. එසේම ජලාශවලට බැසීමෙන් බලකින ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.