Home උණුසුම් පුවත් තෙල්- වරාය- විදුලි ඒකාබද්ධ විරෝධය අද – විදුලි බිඳවැටීමක් නෑ

තෙල්- වරාය- විදුලි ඒකාබද්ධ විරෝධය අද – විදුලි බිඳවැටීමක් නෑ

තෙල්- වරාය- විදුලි ඒකාබද්ධ විරෝධය අද – විදුලි බිඳවැටීමක් නෑ

තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් අද (03) විරෝධතාවක් සංවිධානය කර තිබේ.

අද දහවල් 12.00ට ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය ඉදිරිපිට අදාළ විරෝධතාව සංවිධානය කර ඇත.

එම විරෝධතාව හේතුවෙන් අද දිනයේ විදුලිය බිඳවැටීමක් සිදුනොවන බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා කියා සිටී.

“ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විදියට අද දහවල් 12ට ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානයේ සිට සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරය ඒ ආකාරයෙන් ම පවත්වන්න සුදානම් කරලා තියෙනවා.

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති වරාය ඉදිරිපිටත්, කෙළොන්නාවේ තෙල් ටැංකි ඉදිරිපිටත් ඒ වගේම සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටත් උද්ඝෝෂණය පැවැත්වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයෝ විදුලිබල මණ්ඩලයේ මුලස්ථානයට රැස්වෙනවා.
ආණ්ඩුවට පැහැදිලිව කියනවා අද වැඩවර්ජනයක් නෑ. අද සියලුම සේවකයෝ උද්ඝෝෂණයට එන්නේ බලාගාරවල සහ බිඳවැටුම් සේවකයෝ අදාළ තැන්වල සිටිය දී.”

පාලනාධිකාරියේ නියෝග කඩ කරමින් උද්ඝෝෂනයට සහභාගී වන සේවකයින් හදිසි නඩත්තු කටයුතුවලට සම්බන්ධ නොවන්නේ නම් එය සේවා ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here