Home උණුසුම් පුවත් වොරියර් කුසලාන රගර් කිරුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

වොරියර් කුසලාන රගර් කිරුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

0
වොරියර් කුසලාන රගර් කිරුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා පොලීසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධව ප්‍රථම වතාවට සංවිධානය කරනු ලැබූ වොරියර් කුසලාන සත් සාමාජික රගර් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිනා ගත් අතර අනුශූරතාව ශ්‍රී ලංකා පොලීසියට හිමි විය.

මෙම තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගිවූ අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී ඉකුත් 30 සහ 31 යන දෙදින තරග පැවැත්විණි.

පළමු වටයේදී ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායම හා හැවලොක් කණ්ඩායම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාාශක කාර්යාලය මෙම තරගාවලිය සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්ය.

අර්ධ අවසන් පූර්ව තතරගාවලියේදී නැවතත් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම හා සී.ආර්. ඇන් එෆ්.සී. කණ්ඩායම් පරාජයට පත්කරමින් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් බවද එම නිවේදනයේ සදහන්ය.

අවසන් මහා තරගය නැරඹිම සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගිවූ අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු ආරාධිත අමුත්තන් ලෙස සහභාගිවී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here