තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිරිමින් නිරුවත්කර කප්පම් ගත් සුරූපිනිය අත්අඩංගුවට

    පිරිමින් නිරුවත්කර කප්පම් ගත් සුරූපිනිය අත්අඩංගුවට

    සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාපාරිකයින් සහ මුදල් යහමින් ඇති පුද්ගලයින් සමඟ මිතුදම් ඇතිකර ගනිමින් පසුව වීඩියෝ ඇමතුම් ඔස්සේ උපක්‍රමශීලීව ඒ අයව නිරුවත්කර ඔවුන්ගේ ඡායාරූප ගෙන ඒවා ප්‍රසිද්ධ කරන බවට බිය ගන්වා කප්පම් ලබා ගැනීමේ ඡාවාරමක නිරතව සිටි අක්කරෙයිපත්තුවේ පදිංචි සුරූපී කාන්තාවක් සහ ඇයට ඒ සදහා ආධාර හා අනුබලදුන් බව කියන පුද්ගලයෙක් අක්කරෙයිපත්තුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කාන්තාවට හසුවූ අක්කරෙයිපත්තුවේ පදිංචි ව්‍යාපාරිකයෙක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම වැටලීම කර ඇත. එම ව්‍යාපාරිකයාගෙන් අවස්ථා දෙකකදී ලක්ෂ 6 බැගින් මෙම කාන්තාව මුදල් ලබාගෙන තිබෙන බවද පොලීසිය සදහන් කරයි.

    අවිවාහක තැනැත්තියක් වන එම කාන්තාව වයස අවුරුදු 26 ක තැනැත්තියකි. මෙම කාන්තාව ද අක්කරෙයිපත්තුවේම පදිංචිකාරියක් බව පොලීසිය සදහන් කරයි.

    ඇයව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඒ තුළ පිරිමින් 20 කට වැඩි පිරිසකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ තිබී ඇත. ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ එම ඡායාරූප වල සිටින පුද්ගලයින් බොහෝ දෙනෙක් බිය ගන්වා මුදල් ලබාගෙන ඇති බවය.

    පොලීසිය සදහන් කරන්නේ මෙම කාන්තාව සමාජ මාධ්‍ය ජාලයෙන් පමණක් දැනගෙන ඇගේ බහට වශීවී මේ බොහෝ පිරිමින් කැමරාව ඉදිරියේ නිරුවත්වී ඇති බවකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img