තවත්
    මුල් පිටුවදේශීය පුවත්ජනපති ගෝඨාභය ගැන“ද හැරල්ඩ්” පත්තරේ අලුත්ම දැන්වීම

    ජනපති ගෝඨාභය ගැන“ද හැරල්ඩ්” පත්තරේ අලුත්ම දැන්වීම

    එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (COP :26) ට එක්වීම සඳහා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එරට ප්‍රධාන පුවත්පතක් වන “ද හැරල්ඩ්” පුවත්පත මුල්කර ගනිමින් දැන්වීම් සටනක් නිර්මාණය වී තිබේ.

    දෙමළ ඩයස්පොරාව පසුගිය 26 වැනිදා පිටුවක දැන්වීමක් පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තහවුරු නොකළ චෝදනා රැසක් එල්ල කරමින් දැන්වීමක් පළ කර තිබිණි.

    මෙම දැන්වීමේ අරමුණ වී තිබුණේ ග්ලාස්ගෝ නුවර සිටින දෙමළ ඩයස්පෝරාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව උසි ගැන්වීම හා විරෝධතාවයකට පොළඹවා ගැනීමයි.

    අදාළ දැන්වීමට ගෝලීය ශ්‍රී ලංකා සංසදය ද ස්කොට්ලන්තයේ ද හැරල්ඩ් පුවත්පතෙහි දෙමළ ඩයස්පොරාව පළ කළ දැන්වීමේ ප්‍රමාණයටම දැන්වීමක් ඊයේ (30) පළ කර තිබේ.

    එම දැන්වීම මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව තුළ දැනට ගෙන යන සෞභාග්‍ය යේ දැක්මේ පවතින සුභවාදී බලාපොරොත්තු මෙන්ම කොවිඩ් 19 අභියෝගය ජය ගැනීමේ ඉදිරි පෙරමුණ සහ දේශගුණ විපර්යාස බලපෑමට මුහුණ දීම සඳහා ගත් පියවර සම්බන්ධයෙන් ද දැනුවත් කර තිබේ.

    ත්‍රස්තවාදය පරාජය කළ හමුදා මානුෂීය මෙහෙයුම සම්බන්ධයෙන් දෙමළ ඩයස්පොරාව ශ්‍රී ලංකා රජයට එරෙහිව එල්ල කරන ඇතැම් චෝදනා වලට එක්සත් රාජධානියේම විශේෂඥයන්ගේ පිළිතුරු මෙම අලුත් ම දැන්වීමේ පළ කර තිබීම ද විශේෂත්වයකි.

    එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අද (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ. නොවැම්බර් පළමුවැනිදා සහ දෙවැනි දා එහි ලෝක නායකයන්ගේ සමුළු සැසිය පැවැත්වෙයි.

    විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ මෙම සංචාරයට එක්ව සිටිති.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img