තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPලංකාවේ චීස් කොත්තුව දැන් එංගලන්තයටත්

    ලංකාවේ චීස් කොත්තුව දැන් එංගලන්තයටත්

    මෙරට ජනප්‍රිය ආහාරයක් වන චීස් කොත්තු ඇතුළු ලංකාවේ වීදි ආහාර සපයන අවන්හලක් ලබන අඟහරුවාදා සිට එංගලන්තයේ නොර්විච් හි විවෘත වේ.

    කැටන් ග්‍රෝව් පාරේ චීස් කොත්තු අවන්හල නොවැම්බර් 2 අඟහරුවාදා උදෑසන විවෘත කෙරෙන අතර එහි හිමිකරු 28 හැවිරිදි ඉසුරු වික්‍රම ය.

    ඔහු පැවසුවේ ‘දැනට නෝවිච් හි ශ්‍රී ලාංකික අවන්හලක් නොමැති නිසා මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට එය හොඳ අවස්ථාවක් යැයි මම සිතුවා’ යනුවෙනි.

    “ශ්‍රී ලංකාවේ ආහාර ඉන්දියානු සහ බංග්ලාදේශ ආහාරවලට වඩා බෙහෙවින් වෙනස් බැවින් වෙනස් දෙයක් පිරිනැමීම සතුටක්. අපිට ආශ්වාදයක් වූ චීස් කොත්තු අපේ විශේෂිතම කෑමක්.”

    නෝර්විච් යනු එංගලන්තයේ ධනවත්ම නගරය ලෙස සැළකෙන අතරම විදේශීය සරණාගතයන් බහුලවම වෙසෙන්නේ ද මෙහි ය.

    ලංකාවේ කොත්තු විදේශිකයන් අතර ඉතා ජනප්‍රිය ආහාරයකි. මෙරටට එන සංචාරකයන් බොහෝදෙනකු කොත්තු රසවිඳ ඒ බව ලෝකයට කියන්නට අමතක කරන්නේ නැත.

    එපමණක් නොව, ලෝකයේ විවිධ රටවල සංචාරය කරන අයට ඒ ඒ රටවලදී අනිවාර්යයෙන්ම රසවිඳිය යුතු ‍බවට සංචාරක වෙබ් අඩවිවල සඳහන් ආහාර ලැයිස්තු අතර ‘ලංකාවේ යනවා නම් කොත්තු කෑමට අමතක නොකරන’ ලෙස සඳහන් ඕනෑතරම් සටහන් දැකගත හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img