Home උණුසුම් පුවත් කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය වේ

කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය වේ

0
කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය වේ

අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 31 වනදා පස්වරුවේ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට තීරණය වී ඇත.

‍ කැලණිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේදී අදාහන පූජෝත්සවය පැවැත්වීමට මුලින් තීරණය වී තිබුණි.

එසේම ආදාහන පූජෝත්සවය පැවැත්වෙන 31 වෙනිදා ශෝක දිනයක් බවට ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල මස් මාංශ අලෙවිසැල් එදින වසා තැබිය යුතු බව ස්වදේශිය කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here