fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය වේ

    කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට තීරණය වේ

    අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙණේ පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමිගේ අදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් ලබන 31 වනදා පස්වරුවේ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට තීරණය වී ඇත.

    ‍ කැලණිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේදී අදාහන පූජෝත්සවය පැවැත්වීමට මුලින් තීරණය වී තිබුණි.

    එසේම ආදාහන පූජෝත්සවය පැවැත්වෙන 31 වෙනිදා ශෝක දිනයක් බවට ස්වදේශීය කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේය.

    ඒ අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්වල මස් මාංශ අලෙවිසැල් එදින වසා තැබිය යුතු බව ස්වදේශිය කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.