Home උණුසුම් පුවත් ගම්පොළ රෝහලේ ජල ටැංකියෙන් පොලිස් සැරයන්වරයෙකුගේ නරක් වූ මළ සිරුර හමුවේ

ගම්පොළ රෝහලේ ජල ටැංකියෙන් පොලිස් සැරයන්වරයෙකුගේ නරක් වූ මළ සිරුර හමුවේ

0
ගම්පොළ රෝහලේ ජල ටැංකියෙන් පොලිස් සැරයන්වරයෙකුගේ නරක් වූ මළ සිරුර හමුවේ

ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අතුරුදන් වූ පොලිස් සැරයන්වරයෙකුගේ නරක් වූ මළ සිරුර රෝහල් ජල ටැංකියකින් අද සොයාගෙන ඇත.

කොත්මලේ පොලීසියට අනුයුක්තව රාජකාරිකල එම සැරයන්වරයා පූඩළුඔය පදිංචි 57 වැනි වියේ පසුවූවෙකි.

මාස එකහාමාරකට පෙර රෝහල්ගතව සිට ඔහු අතුරුදන්ව තිබුණි. මළ සිරුර දියවී නරක්ව ඇති අකාරයට අනුව සිරුරද එපමණ කාලයක් ජල ටැංකියේ තිබෙන්නට ඇතැයි සැක කෙරේ. රෝහලට පානීය ජලය ලබාදෙන්නේ එම ටැංකියෙන් බවත් අඩි 40 ක් උස අට්ටාලයක එය පිහිටා ඇති බවත් පොලීසිය සදහන් කරයි. ටැංකිය දෙසින්් දුඟදක් හමා ඒම හේතුවෙන් කළ පරීක්ෂාවෙදී මළ සිරුර හමුවී ඇතැයිද පොලීසිය කියයි.

මෙම පොලිස් සැරයන්වරයා රෝහල්ගතවන්නේ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් බව කියති. එහෙත් ගම්පොළ පොලීසිය ඒ සම්බන්ධයෙන් පවසන්නේ පොලිස් සැරයන්වරයා රෝහල්ගතකර ඇත්තේ පපුවේ වේදනාවක් හේතුවෙන් බවකි. කොවිඩ් පරීක්ෂාවෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙක් නොවන බව තහවුරු වී ඇතැයිද ගම්පොල පොලීසිය සදහන් කරයි.

මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් බව පෙනී යන බවත් වැඩිදුර විමර්ශන පැවැත්වෙන බවත් පොලීසිය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here