තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොටි සැඟවූ බෝම්බ තොගයක් එස්.ටී.එෆ් සෙබළු සොයා ගනී

    කොටි සැඟවූ බෝම්බ තොගයක් එස්.ටී.එෆ් සෙබළු සොයා ගනී

    යුධසමයේ දී එල්.ටී.ටී.ඊ. ය මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම අයුරින් සඟවා තබන ලද බොම්බ 21 ක් සහ මෝටාර් උණ්ඩයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පුදුකුඩිරිප්පු උඩයාර්කට්ටු කැළැබද ප්‍රදේශයකින් සොයාගෙන තිබේ.

    සොයාගත් බෝම්බ 21 එල්.ටී.ටී.ඊ.යේ නිිර්මාණයන් වන බව විමර්ශනයේදී පෙනී ගොස් ඇතැයි විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතා සදහන් කළේය.

    මුලතිව් නාවික හමුදා කදවුරේ බුද්ධි බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරකට අනුව උඩයාර්කට්ටු කැළැබද ප්‍රදේශයේ ඊයේ කළ සෝදියෙන් සොයාගත් මෙම බෝම්බ නිෂ්ක්‍රීයකර අධිකරණ කටයුතු සදහා පුදුකුඩිඉරිප්පු පොලීසිට භාරදී තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ උතුරු පලාතේ අණදෙන නිලධාරී ජේෂ්ඨ පොලිස් අධිකාරි ඩි.ඩි.කේ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මුලතිව් කදවුරේ දෙවන කදවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක. ආර්.ඒ.පී.ටී. රණතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම බෝම්බ සොයාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img