Home special යුරෝ මීලියනයේ සිහිවටන නෝට්ටුවක් ලක්ෂ 15 කට විකුණන්න ගොස් යුවලක් ඒස්.ටී.එෆ්. අත්අඩංගුවට

යුරෝ මීලියනයේ සිහිවටන නෝට්ටුවක් ලක්ෂ 15 කට විකුණන්න ගොස් යුවලක් ඒස්.ටී.එෆ්. අත්අඩංගුවට

0
යුරෝ මීලියනයේ සිහිවටන නෝට්ටුවක් ලක්ෂ 15 කට  විකුණන්න ගොස් යුවලක් ඒස්.ටී.එෆ්. අත්අඩංගුවට

ගණුදෙනු කළ නොහැකි යුරෝ මිලියනයේ සමරු සිහිවටන නෝට්ටුවක් රුපියල් ලක්ෂ 15 කට වංචනික ලෙස අලෙවි කිරීමට සූදානම් වූ යුවලක් පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙමටගොඩ ගුවන්පාලම ආසන්නයේදී මෙම යුවල අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණුදෙනුවකට සූදානමින් ඊයේ සවස පැමිණි අවස්ථාවේදී බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

කාන්තාව වැල්ලම්පිටියේ පදිංචිකාරියක් වන අතර ඇය 50 හැවරදි වියේ පසුවන්නියකි. පිරිමි පුද්ගලයා අවුරුදු 48 ක් වයසැති කොටුගොඩ පදිංචිකරුවෙකි.

විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මඩකලපුවේ පදිංචි පුද්ගලයෙක් විසින් මෙම නෝට්ටුව අලෙවි කිරීමට ලබාදී ඇති බවකි. මෙම නෝට්ටුව සමරු නෝට්ටුවක් මිස එහි සදහන්ව ඇති ආකාරයේ වටිනාකමක් නොමැති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

වැඩිදුර විමර්ශන සදහා සැකකරුවන් දෙමටගොඩ පොලිස් ස්ථානයට භාරදී තිබේ.

ගුවන් හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරක් විශේෂ කාර්ය බලකායට ලබාදීමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙසින් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.

[embedyt] https://www.youtube.com/watch?v=qZcIMUqTQVM[/embedyt]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here