Home දේශීය පුවත් ඉන්දියාවෙන් ගෙන්වන දියර පොහොර සඳහා ගෙවීම් කෙරන විදිහ ගැන පරීක්ෂණයක් ඉල්ලා සජබ රහස් පොලීසියට

ඉන්දියාවෙන් ගෙන්වන දියර පොහොර සඳහා ගෙවීම් කෙරන විදිහ ගැන පරීක්ෂණයක් ඉල්ලා සජබ රහස් පොලීසියට

0
ඉන්දියාවෙන් ගෙන්වන දියර පොහොර සඳහා ගෙවීම් කෙරන විදිහ ගැන පරීක්ෂණයක් ඉල්ලා සජබ රහස් පොලීසියට

ඉන්දියාවෙන් දියර පොහොර ආනයනයේදී ඒ සම්බන්ධයෙන් වූ ගෙවීම් පෞද්ගලික සමාගමක ගිණුමකට බැරකර එමගින් එම ගෙවීම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීම සඳහා රුපියල් කෝටි 29 ක මුදලක් පසුගිය 17 වනදා මෙරට ආරම්භ කළ පුද්ගලික සමාගමක ගිණුමකට බැර කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ‍ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයක් පදනම්කර ගනිමින් මෙම පැමිණිල්ල ඉදිරිපත්කර තිබේ.

ලිඛිතව ඉදිරිපත් කෙරුණු එම පැමිණීල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිළිගැනීම් අංශය විසින් භාරගෙන ඇති අතර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වෙත මේ වන විටත් යොමුකර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනුයේ මේ සම්බන්දයෙන් නිසි උපදෙස් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ අධ්‍යක්ෂකවරයා පොලිස්පතිවරයාව මුණ ගැසෙනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here