Home උණුසුම් පුවත් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් 10ක තානාපතිවරු නෙරපන්න තුර්කි ජනපතිගෙන් නියෝගයක්

අමෙරිකාව ඇතුළු බටහිර රටවල් 10ක තානාපතිවරු නෙරපන්න තුර්කි ජනපතිගෙන් නියෝගයක්

අමෙරිකාව ඇතුළු බටහිර රටවල් 10ක තානාපතිවරු නෙරපන්න තුර්කි ජනපතිගෙන් නියෝගයක්

තුර්කියේ රඳවා සිටින සිවිල් සමාජ නායකයෙකු නිදහස් කළ යුතු යැයි පැවසූ එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශයේ නියෝජිතයින් ඇතුළුව බටහිර තානාපතිවරුන් 10 දෙනෙකු එරට තුළ රාජ්‍යතාන්ත්‍රික භාවයෙන් ඉවත් කරන ලෙස එරට ජනාධිපති රිජෙප් තායිප් එර්ඩෝආන් විදේශ ඇමති මෙව්ලට් කැවුසොග්ලුට ඊයේ නියෝග කර තිබේ.

“මම අපේ විදේශ ඇමතිට නියෝගයක් දීලා කිව්වා මොකද කරන්න ඕනේ කියලා. මේ තානාපතිවරු 10 දෙනා එකවර ‘පර්සෝනා නොන් ග්‍රාටා’ ලෙස ප්‍රකාශ කළ යුතුයි. එවිට ඒ ප්‍රශ්නය වහාම විසඳනු ඇත. ඔවුන් තුර්කි රට ගැන දැනගෙන තේරුම් ගත යුතුයි. ඔවුන් තුර්කිය නොදන්නා සහ තේරුම් නොගත් දවසේ සිට ඔවුන් ඉවත්ව යා යුතුයි ‘ යැයි එර්ඩෝගන් රූපවාහිනී කතාවකදී පැවසීය.

‘පර්සෝනා නොන් ග්‍රාටා’ යන ලතින් වචනයෙන් අර්ථ ගැන්වෙන්නේ යම් රටක් තුළ රාජ්‍ය තාන්ත්‍රික පුද්ගලයකු ලෙස ප්‍රකාශ කිරීමට පත්කිරීම මගින් ඒඒ රටවල් තුළ අදාළ රටෙහි නියෝජිතයා අත්අඩංගුවට ගැනීම අත්හිටුවීම හා විශේෂිත රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව, පුද්ගලභාවය, වරප්‍රසාද තත්ත්වයන් අහිමිවීමයි. එහි වක්‍ර අදහස වන්නේ ඒ රට තුළ ඔහු රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය හිමි නොවන සාමාන්‍ය පුද්ගලයකු බවට පත්කිරීම මෙන්ම මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතභාවයෙන් නෙරපා හැරිය යුතුය යන්න ය.

අමෙරිකාව, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, කැනඩාව, ඩෙන්මාර්කය, නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය, නවසීලන්තය යන රටවල තුර්කියේ වෙසෙන තානාපතිවරු ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් ඔක්තෝබර් 18 දා නිවේදනය කර තිබුණේ තුර්කි දානපතියෙකු සහ සිවිල් සමාජ නායකයෙකු වූ ඔස්මාන් කවාලා නිදහස් කරන ලෙසයි.

අපරාධයක් සම්බන්ධයෙන් වරදකරු නොවූවත් ඔහු වසර 4 ක් රඳවා තබා ගෙන සිටී. ඒ 2013 රාජ්‍ය විරෝධී විරෝධතාවලට සම්බන්ධ චෝදනාවලින් පසුගිය වසරේ ඔහු නිදහස් වූ නමුත් 2016 කුමන්ත්‍රණ ප්‍රයත්නයට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මත ඔහු නිදහස් වීමට පෙර නැවත අත්අඩංගුවට ගැනීම හේතුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here