Home දේශීය පුවත් 40වැඩි පන්තිවල ළමයි ගෙන්වීම කොටස් වශයෙන්

40වැඩි පන්තිවල ළමයි ගෙන්වීම කොටස් වශයෙන්

0
40වැඩි පන්තිවල ළමයි ගෙන්වීම කොටස් වශයෙන්

සියලුම පාසල්වල ප්‍රාථමික අංශ අනිද්දා (25) සිට නැවත ආරම්භ වීමේ දී සිසුන් 40ට වැඩි සංඛ්‍යාවක් සිටින පන්තිවල ළමුන් කොටස් වශයෙන් ගෙන්වීමට විදුහල්පතිවරුන්ට අවසර දී තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ රැකගනිමින් පාසල් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මත මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව ළමුන් 40ට වැඩි සංඛ්‍යාවක් සිටින පංතිවල ළමුන් ගෙන්වීමේ රටාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට තීන්දු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.

රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ කතෝලික පාසල්වල ප්‍රාථමික අංශ ද මෙයට සමඟාමීව ආරම්භ වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here