තවත්
    මුල් පිටුවදේශීය පුවත්සඳුදා පටන් ජවිපෙ මහ පාරට

    සඳුදා පටන් ජවිපෙ මහ පාරට

    ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි මට්ටමක් උද්ගතකර ඇති හෙයින් ඊට එරෙහිව සඳුදා සිට පාරට බහින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි.

    පීඩිත ජනතාව නියෝජනය කිරීම සිය අරමුණ බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය එය වගකීමක් කොට ගන්නා බවත් හෙතම සඳහන් කරයි.

    ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍ර සියල්ල නියෝජනය කරමින් සඳුදා සිට මහ පාරට බසින බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය.

    පොහොර, ගෑස් ඇතුළු විශේෂිත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඒ ඒ වෘත්තිය සමිති ඒකාබද්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ උද්ඝෝෂණය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ දැනට සැළසුම් කර ඇති බව නිව්ස් වේව් වෙත තොරතුරු ලැබී තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. මහමහජනතාව රැක ගැනීම කෙසේ වෙතත් එක ගොඩේ එකට එකතුවී උද්ඝෝෂණ සහ රැස්වීම් පැවත්වීම තුලින් නැවතත් කොවිඩ් රැල්ලක් නම් ඇතිවිය හැක. එය එසේ උවහොත් රැකගැනීමට ජනතාව ඉතුරු නොවෙනු ඇත. සියල්ලටම කලින් ජීවිතය රැකගතයුතුය.

    Leave a Reply to Lalith AsokaCancel reply

    spot_img
    spot_img