Home දේශීය පුවත් සංචරණ සීමා බිඳ කාතන්කුඩියෙන් වැල්ලවායට පැමිණ දියේ ගිලුණු පියපුතු යුවලට කොවිඩ්

සංචරණ සීමා බිඳ කාතන්කුඩියෙන් වැල්ලවායට පැමිණ දියේ ගිලුණු පියපුතු යුවලට කොවිඩ්

0
සංචරණ සීමා බිඳ කාතන්කුඩියෙන් වැල්ලවායට පැමිණ දියේ ගිලුණු පියපුතු යුවලට කොවිඩ්

පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් කාතන්කුඩියේ සිට පැමිණ වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලී මිය ගිය තිදෙනාගෙන් දෙදෙනකු කොවිඩ් ආසාදිතයන් බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පෙර කළ කොවිඩ් පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

ඉකුත් 20 වෙනිදා සවස සිදුවූ මෙම අනතුරින් පියා දියණිය සහ පුතා මිය ගියේය. කොවිඩ් ආසාදිත බව හදුනාගෙන ඇත්තේ පියාට සහ පුතාටය.

කාතන්කුඩියේ සිට එකම පවුලේ හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විනෝද චාරිකාවක් පැමිණ මෙසේ දිය ඇල්ලේ දිය නෑමට ගොස් අනතුරට ලක්ව තිබේ. දියේ ගිලුණු මෙම පිරිස බේරා ගැනීමට ගම්වැසියන් කිහිප දෙනෙක් දියට පැන ඔවුන්ව ගොඩට ගෙන මූලික ප්‍රතිකාර පවා ලබාදී තිබේ. ඒ වන විටත් ඔවුන් මිය ගොස් සිට ඇත. එසේ ඔවුන්ව දියෙන් ගොඩට ගෙන මූලික ප්‍රතිකාර ලබාදුන් ගම්වැසියන්ද මේ වන විට කොවිඩ් අවධානම් තත්ත්වයකට පත්ව ඇති බැවින් ඒ අය නිරෝධායනය කිරීමටද ස‍ෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here