තවත්
    මුල් පිටුවදේශීය පුවත්කාතන්කුඩියේ සිට වැල්ලවායට විනෝද චාරිකාවක් පැමිණි පියා සහ දරුවන් දෙදෙනා දියේ ගිලී...

    කාතන්කුඩියේ සිට වැල්ලවායට විනෝද චාරිකාවක් පැමිණි පියා සහ දරුවන් දෙදෙනා දියේ ගිලී මරුට

    පළාත් අතර සංචරණ සීමා දැඩිකර ඇතැයි පොලීසිය සදහන් කළත් කාතන්කුඩියේ සිට වැල්ලවායට විනෝද චාරිකාවේ පැමිණි පිරිසක් ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමින් සිටියදී පියෙක් සහ දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අද සවස මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, කාත්තන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පියා, 15 හැවිරිදි පුත්‍රයා සහ 11 හැවිරිදි දියණියයි.

    කාතන්කුඩියේ සිට 06 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙසේ විනෝද චාරිකාවේ පැමිණ දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇල්ලේ දියනා ඇති බව පොලීසිය සදහන් කරයි.

    පියාත් දරු දෙදෙනාත් දියේ ගිලෙන විට ඔවුන් සමග පැමිණි පිරිස කෑ ගසන විට ප්‍රදේශවාසීන් පැමිණ ගිලෙමින් සිටි තිදෙනා ගොඩට ගෙන ඇතත් ඒ වන විටත් ඔවුන් මියගොස් සිට ඇති බව සදහන්ය.

    මිය ගිය තිදෙනාගේ මෘත ශරීර මේ වන විට වැල්ලවාය රෝහල් මෘත ශාරීරාගාරයේ තැන්පත්කර ඇති අතර හෙට දිනයේ මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇතැයි වැල්ලවාය පොලීසිය සදහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img