fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කංසා ගැන පර්යේෂණකරන ආචාර්යවරයා තණමල්විල දී පොලිස් අත්අඩංංගුවට

    කංසා ගැන පර්යේෂණකරන ආචාර්යවරයා තණමල්විල දී පොලිස් අත්අඩංංගුවට

    කංසා වගාව හා ඒ ආශිත විවිධ නිෂ්පාදන සම්බන්ධයෙන් පර්යේක්ෂකයෙක් ලෙස ප්‍රකට ආචාර්ය වසන්ත සේනවැලිඅංග මහතාව තණමල්විල පොලීසිය අද අත්අඩංගුවට ගත්තේය.

    කංසා වගා බිමකදී ඔහුව සැකපිට අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලීසිය සදහන් කළේය.

    ආචාර්ය වසන්ත සේනවැලිඅංග මහතා කතරගම දේවාලයට අයත් භූමියක ගංජා වගාකරන බවට කතරගම දේවාලයේ ඉඩම් භාර නිලධාරියා විසින් කළ පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂාවකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත්බව තණමල්විල පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

    අඩියක් පමණ උසට වැවී තිබුණු ගංජා පැල 500 කට වැඩි පිරිසක් එහිදී පොලිස් භාරයට ගත් බවත් ඔහුව හෙට අධිකරණයට ඉදිරිපත්කරන බවත් එම නිලධාරියා කීය.

    පර්යේෂණ කටයුත්තක් සදහා එම ගංජා වගාව කළ බව ආචාර්යවරයා පොලීසියට පැහැදිලිකර දී ඇතත් අවශ්‍ය නිසි අවසර කිසිවක් නොමැතිව ඔහු මෙම වගාව කර තිබුණු බැවින් අත්අඩංගුවට ගැනීම කර ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී පැවැසීය.

    ගංසා ගසේ ඹෟෂධීය වටිනාකම මෙන්ම කංසා ගසෙන් ලබාගත හැකි ප්‍රයෝජන සම්බන්ධයෙන් ග්‍රන්ත දෙකක් පවා සම්පාදනය කර ඇත. කංසා ගසෙන් ලණු ඇඹරීමට හැකි බව පෙන්වා දෙමින් ඔහු සමාජ මාධ්‍ය ජාල වෙත වීඩියෝ පවා නිකුත් කර තිබුණේ එය සිදුකරන අයුරු පවා ප්‍රායෝගිකව පෙන්වමිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.