තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බුදුන් පිරිනිවූ කුසිනාරාවට වප් පුන් පොහෝ දා ගිය ඓතිහාසික ගමන

    බුදුන් පිරිනිවූ කුසිනාරාවට වප් පුන් පොහෝ දා ගිය ඓතිහාසික ගමන

    ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල එරට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත වූ අතර එම ගුවන්තොටුපළට ගොඩබසින ලද පළමු ගුවන් යානය වූයේ මෙරට සියක් මහා සංඝරත්නය, ධාතූන් වහන්සේලා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මැති ඇමතිවරු ඇතුළු දූත පිරිස රැගත් ගුවන් යානයයි. මෙම උත්සවය නිමිත්තෙන් කුෂිනගර් වෙත මෙහෙයුම් සිදු කළ පළමු ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගෞරවයට පාත්‍ර වේ.

    මෙම ඓතිහාසික ගමනට බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් පරිදි අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ ඇතුළු ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් වැඩම කළහ.

    වප් පුන් පොහොය යෙදෙන අද වැනි දිනෙක ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ කුෂිනගර් නැතිනම් බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පා වදාළ කුෂිනාරා නුවර ගුවන් තොටුපළට, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගැඹුරු මුල් බැසගත් සංස්කෘතික සබඳතා සංකේතවත් කරමින් සිදුකරන ලද එම ගුවන් ගමන ඉතිහාස ගත විය.

    ‘ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයෙන් කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීම සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලා 100 ක් කුෂිනාගර් බලා යන ආරම්භක ගුවන් යානය ලෙස ගිය ගමන ඉන්දු-ලංකා සබඳතාවලට තවත් ඓතිහාසික සන්ධිස්ථානයක්. මෙම ගුවන්තොටුපළ දඹදිව සංචාරයේ යෙදෙන්න කැමති ලාංකික බැතිමතුන්ට මෙන්ම එරටින් ලංකාවට පැමිණෙන සංචාරකයන්ටත් ඉතා පහසු ඍජු ගුවන් මාර්ගයක් බැවින් මෙය ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ද ඉතා අගනා අවස්ථාවක්’ යැයි නාමල් රාජපක්ෂ මහතා කුෂිනගර් ගුවන්තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවැසීය.

    ශ්‍රී ලංකාවේ සිට වැඩම කරවන ලද වස්කඩුව කපිලවස්තු ධාතූන් වහන්සේ.

     

    කුෂිනාගර් හි දී, විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස පිළිගත් අයුරු

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img