තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව යළි පිහිටුවයි

    මහබැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව යළි පිහිටුවයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුව යළි පිහිටුවා තිබේ.

    පසුගිය ඔක්තෝබර් මස 5 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මේ කමිටුව ස්ථාපිත කළ බව මහා බැංකුව කියයි.

    නව මුදල් ප්‍රතිපත්ති උපදේශන කමිටුවට පෞද්ගලික අංශයේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත

    කමිටුවේ සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සාමාජික සුනිල් ලංකාතිලක මහතා ය.

    සෙසු සාමාජිකයන් වන්නේ, සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ අශෝක් පතිරගේ , ස්ටැසන් සමාගම් සමූහයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිතා කූක් , ලංකා වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ සභාපති නිරංජන් දිසානායක, ඇක්සස් එන්ජිනියරින් පීඑල්සීහි කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ජෝෂුවා, ආර්ථික විද්‍යා මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර , බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් , වැලිබල් වන් සමූහයේ සභාපති සහ හේලීස් පීඑල්සීහි සම-සභාපති ධම්මික පෙරේරා , මේනෙටෙක් ලංකා (පුද්ගලික) සමාගමේ සභාපති ජෙයම් පෙරුමාල්, ඩීඑස්අයි සැම්සන් සමූහයේ සම්මානනීය කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ , විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බැංකු නිළධාරී රුසිරිපාල තෙන්නකෝන් සහ හේමාස් හෝල්ඩිංග්ස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් යන මහත්ම මහත්මීන්ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img