තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බන්ධනාගාර තුළ දෑත් පිරිසිදු කාරක දියර තහනම් කරයි

    බන්ධනාගාර තුළ දෑත් පිරිසිදු කාරක දියර තහනම් කරයි

    කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ බන්ධනාගාරගතව සිටින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කිරීමට අවසර ලබාදී තිබුණු දෑත් පිරිසිදුකාරක දියර මත්පැන් ලෙස භාවිතය ඉහළ යාම හේතුකොටගෙන දෑත් පිරිසිදුකාරක දියර භාවිතය බන්ධනාගාරය තුළ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ වෙනුවට බන්ධනාගාරගතව සිටින්නන්ට සබන් ලබාදීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කළේය.

    පකිස්තානයේ සිට යාත්‍රාවකින් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගෙන කොළඹ රිමාණ්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින ඉරාන් ජාතිකයින් පිරිසක් දෑත් පිරිසිදුකාරක භාවිතා කිරීමෙන් දෙදෙනෙක් මිය ගොස් 10 දෙනෙක් රෝහල්ගතකිරීමට සිදුවීමද බන්ධනාගාරය තුළ දෑත් පිරිසිදුකාරක භාවිතය තහනම් කිරීමට මුල්වී ඇති බව සදහන්ය.

    අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දෑත් පිරිසිදුකාරක දියර භාවිත කිරීමට අවසර හිමිවන බවද චන්දන ඒකනායක මහතා පවසයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img