තවත්
    මුල් පිටුවspecialඅදින්න පුබ්බක ලොජි

    අදින්න පුබ්බක ලොජි

    අදින්න පුබ්බක බමුණා කවුදැයි ඔබට මතකද?

    අමතක නම් සත්‍යගවේෂී ඔබව බුද්ධකාලීන භාරතය වෙත රැගෙන යාමට කැමතිය. අදින්න පුබ්බක කියන්නේ ඉතාමත්ම මසුරු බමුණෙක්. රන්කරුවෙකුට මුදල් දීමට ලෝභ වූ ඔහු, තම පුතාට කර්ණාභරණයක් (කුණ්ඩලාභරණයක්) තමන් විසින්ම තනා දුන්නේ ලු.

    නිසි නිමාවක් නොමැති  කුණ්ඩලාභරණයක් පැළඳි දරුවා මට්ටකුණ්ඩලී නමින් ප්‍රචලිත විය. දිනක් සුළු රෝගයකට ලක්වූ දරුවාව, මසුරු පියාගේ  නොසැලකිලිමත් බව නිසා අසාධ්‍ය තත්ත්වයට පත්විය. එම අසාධ්‍ය අවස්ථාවේදී පියා වෙදැදුරන් හමුවේ රෝගලක්ෂණ කියා බෙහෙත් අසා තමන් විසින් දරුවාට බෙහෙත් කලේය. දිනෙන් දින අසාධ්‍ය බවට පත්වූ මට්ටකුණ්ඩලී දරුවා වෙත, ලබාදුන් බෙහෙත් නිසා මරණාසන්න විය. ඒ මක්නිසාද යත්, අදින්නපුබ්බක ගේ චර්යාව හේතුවෙන් වෙදැදුරන් වැරදි බෙහෙත් කී නිසාය.

    නූතන අදින්නපුබ්බක ලා.

    අද සමාජයේ අදින්නපුබ්බක ලා බොහෝමය.

    යාන්තමින් යමක් අතගාගත් පමණින් සමහර අදින්නපුබ්බක ලා කරන වැඩ නිසා කුඤ්ඤේ ඇදගත් වඳුරාට වුන දේ සිදු කරගෙන ඇත. එහි අහිතකර බලපෑම් තමාට, තම පවුල් ඒකකයට පමණක් නොව, සමස්ත රටකට අහිතකරව බලපානු ඇත.

    කාබනික ගොවිතැන සහ කාබනික පොහොර එක් දිනකින් පොලොවේ ස්ථානගත කිරීමේ අමනෝඥ ක්‍රියාව එක අදින්නපුබ්බකලොජියකි. මේ මාතෘකාව ගැන පොතක් ලියන්න හැකි නමුදු සත්‍යගවේෂී එයට කාලය නාස්ති කරන්න අකමැති ය

    සමහර අදින්නපුබ්බක ලා වි‍යතුන්-විද්වතුන්ගෙන් අසා පොර ටෝක් දෙති. එහෙත් මූලික අධ්‍යයනයක් නොකර කෙලින පච නිසා රටේ ලෝකයේ වූ හානිකර දේ බොහෝමයකි.

    වසර හැත්තෑ ගණනක් වැරදි ආර්ථික  තීන්දුගෙන රටේ ආර්ථිකය මස්තබාල්දු කලේ සහ කරන්නේ මේ උගත් බුද්ධිමත් අදින්නපුබ්බකයින් ය.

    ආර්ථික සමාජීය සංස්කෘතික රාජ්‍ය ප්‍රතිපත්තියක් සාදා ක්‍රියාත්මක නොකරන්නේද මේ අදින්නපුබ්බක ගොන්ගස් හින්දාය.

    අදින්නපුබ්බකලා ගෙන් ගැලවීමට නම්…

    අදින්නපුබ්බකලා නිසා රට වෙනදේ දැක දැක නොදුටු ඇසින් අප සිටිය යුතුද?
    නැත.

    කළ යුත්තේ කුමක්ද?
    රට කරවන අදින්නපුබ්බක ලා දුරින්ම දුරු කළ යුතුය. දක්ෂ වියතුන් සහ විද්වතුන් හට නිසි තැන දිය යුතුය.

    එය කරන තුරු අපේක්ෂිත “සෞභාග්‍යය” දැක්මක් පමණකි.

    එඤ්ඤං
    මම
    සත්‍යගවේෂී

    සත්‍යගවේෂී

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img