Home උණුසුම් පුවත් පැන්ඩෝරා පත්‍රිකා ගැන අදත් තිරු නඩේෂන්ගෙන් ප්‍රශ්න කෙරේ

පැන්ඩෝරා පත්‍රිකා ගැන අදත් තිරු නඩේෂන්ගෙන් ප්‍රශ්න කෙරේ

0
පැන්ඩෝරා පත්‍රිකා ගැන අදත් තිරු නඩේෂන්ගෙන් ප්‍රශ්න කෙරේ

හිටපු ඇමතිවරියක් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතාගෙන් අල්ලස් කොමිසම අද දෙවැනි දිනටත් ප්‍රශ්නකරනු ලැබීය.

පැය 4ක පමණ කාලයක් ඒ මහතාගෙන් ප්‍රශ්න කෙරුණු බව අල්ලස් කොමිසමේ තොරතුරු සදහන් කළේය.

පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිකල පුද්ගලයන්ගේ ලැයිස්තුවේ ඔහුගේද නම තිබුණු බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කරනු ලබන විමර්ශනයට අදාලව මෙම ප්‍රශ්න කිරීම සිදු කර තිබේ.

ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතතාගේ නියෝගයෙන් මෙම ව්මර්ශනය සිදුවනු ඇත.

තිරුකුමාර් නඩේෂන් මහතාගෙන් ඉකුත් සතියේදීද අල්ලස් කොමිසම ප්‍රශ්න කළේය. ඉදිරියේදී නැවත අවශ්‍යතා මත ඔහුව කැදවන බව අල්ලස් කොමිසම සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here