සුදු ළූණු වංචාවවෙන් පසු ලක් සතොස පරිගණක පද්ධතිය වෙනස්කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වංචාව සම්බන්ධයෙන් කෙරන විමර්ශන වලින් හෙළිවී තිබේ.
ලක් සතොස ආයතනයේ තාක්ෂණික අංශයේ සහකාර කළමනාකරුද ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාදී ඇත.
පරිගණක පද්ධතියට හොර රහසේ ඇතුළු වෙමින් මෙම දත්ත වෙනස් කරීම කර ඇති බැවින් එසේ දත්ත වෙනස් කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.