මුල් පිටුව දේශීය පුවත් හොර පාරෙන් ගෙනා කෝටි දෙකක රට සිගරට් එස්.ටී. එෆ්. අල්ලයි

හොර පාරෙන් ගෙනා කෝටි දෙකක රට සිගරට් එස්.ටී. එෆ්. අල්ලයි

0

නීති විරෝධිව මෙරටට හොර රහසේ රැගෙන විත් බෙදා හැරීමට සූදානමින් සඟවා තිබුණු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති සුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් ඇත.

කැලණිය ගෝනවිල කොහොල්විල දී ඊයේ සවස විශේෂ කාර්ය බලකායේ අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදී මුලින්ම දුම්වැටි 6800 ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු 21 වියැති හුණුපිටියේ පදිංචිකරුවෙකි.

අනතුරුව ඔහුගේ තොරතුරුවලට අනුව කොහොල්විල නිවසක් පරීක්ෂාකර ඇති අතර එහි තිබී විවිධ වර්ගයේ විදෙස් දුම්වැටි 257,400 ක් සමඟ නිවෙස්හිමියා අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු 48 වන වියේ පසුවන්නෙක් බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වන බවත් සැකකරුවන් සහ දුම්වැටි තොගය විමර්ශන සදහා කැලණිය පොලිස් ස්ථානයට භාරදුන් බවත් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ මහතාගේ උපදෙස් පරිදි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කර තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version