මුල් පිටුව දේශීය පුවත් කාන්තාවන්ගේ ආරක්ෂාව කාන්තාවන්ටම භාරදෙයි

කාන්තාවන්ගේ ආරක්ෂාව කාන්තාවන්ටම භාරදෙයි

0

ලංකාවේ කාන්තාවන්ට බියෙන් සැකෙයෙන් තොර ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය සැකසීමට මූලිකත්වය ගෙන ක්‍රියා කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කාන්තා පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පතිධුරයට පත්ව සිටින ශ්‍රී ලංකා පොලීසියේ පළමු කාන්තා නිලධාරීන් සිව් දෙනා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකධූරයේ සිට සහකාර පොලිස් අධිකාරීධූරයන්ට උසස්වීම් ලැබූ කාන්තා නිලධාරීන් 12 දෙනා ඇමතිවරයාව මුණ ගැසීමට අමාත්‍යාංශයට ඊයේ පැමිණි අවස්ථාවේදී ඇමතිවරයා ඒ බව සදහන් කළේය.

“මහජන ආරක්ෂක අමාත්‍යංශය නිර්මාණය කළේ අතිගරු ජනාධිපතිතුමා ජනතාවට බියෙන් සැකෙයෙන් තොර සමාජයක් හදන්න. එවන් බියෙන් සැකයෙන් තොර සමාජයක ළමා අපචාර හා ස්ත්‍රී දූෂකයො ඉන්න බෑ. කාන්තාවන්ට නිදහසේ කටයුතු කරන්න පුලුවන් තත්වයක් හදන්න ඔිනේ. කාන්තාවට ගරුකරන සමාජයක අපරාධ සිදුවෙනවා අඩුයි. නියෝජ්‍ය පොලිස්පතිවරියන් සහ කාන්තා සහකාර පොලිස් අධිකාරීවරියන් කාන්තාවන්ට බියෙන් සැකෙයෙන් තොර ජීවත්වෙන්න අවශ්‍ය පරිසරය සැකසීමට මූලිකත්වය ගත යුතුයි.” යැයි එම හමුවේදී සදහන් කරමින් ඇමතිවරයා අවධාරණය කරනු ලැබුවේ එම කාර්යයට තමා පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

“බුදුහාමුදුරුවො දේශනා කරලා තියෙනවා අපරාධ අඩුකරන ලෝක ධර්මතා දෙකක්. ඒ තමා හිරි සහ ඔතප්. හිරි ඔතප් කියන්‍නේ අපරාධයක් කරන්න තියෙන ලැජ්ජ සහ භය. ඒ භය ඇති කිරිමට නම් අපරාධයක් කළ සැණින් අපරාධකාරයා අල්ලන්න පුලුවන් අපේ යාන්ත්‍රනය කඩිනමින් නිසියාකාරව මෙහෙය විය යුතුයි.” යැයිද ඇමතිවරයා එහිදී සදහන් කළේය.

” කාන්තාවන්ව බ්ලැක්මේල් කරන සිද්ධින්ට අදාලව අපි දැන් නිතිය සකස්කරගෙන යනවා. ඉතින් ඒවා පිළිබදව තමයි ඔබ කල්පනා කරල බලලා මට යෝජනා ඉදිරිපත් කරන්න ඔිනේ. අපේ රටේ ඉන්න කාන්තාවන්ට තමාගේ කාර්යයක් කාර්යාලයකදී හෝ බස් එකකදී හෝ දුම්රියේදි හෝ එහෙම නැත්නම් වෙන ගෙදරකදි හෝ බියෙන් සැකයෙන් තොරව කරගන්න පුලුවන් වටපිටාව නිර්මාණය කරන්නේ කොහොමද කියන එක පිළිබදව මට යෝජනා ඉදිරිපත් කරන්න. සියලු දෙනාටම සුභ පතනවා. පොලීසියේ මේ නව උසස් වීම් සමග යම්කිසි වෙනසක් කිරීමට අධිෂ්ඨාන කරගන්න” යැයිද අමාත්‍ය සරත් වීරසේකර මහතා එහිදී වැඩිදුරටත් සදහන් කළේය.

මෙම අවස්ථාව සදහා අමාත්‍යංශ ලේකම් ජගත් අල්විස් මහතාද සහභාගි විය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version