Home උණුසුම් පුවත් වාකරේ කැළෑවක් එළිකරමින් සිටි සිව් දෙනෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවේ

වාකරේ කැළෑවක් එළිකරමින් සිටි සිව් දෙනෙක් එස්.ටී.එෆ්. අත්අඩංගුවේ

0
වාකරේ කැළෑවක් එළිකරමින් සිටි සිව් දෙනෙක්  එස්.ටී.එෆ්. අත්අඩංගුවේ

වාකරේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි වන රක්ෂිතයන් සංවිධානාත්මකව විවිධ පිරිස් විසින් හෙළිකරමින් සිටින බව පොලීස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

එසේ වන රක්ෂිතයක අක්කර 10 ක කොටසක් හෙළි පෙහෙළිකරමින් සිටි සිව් දෙනෙක් විශේෂ කාර්ය බලකායේ වාකරේ කදවුරේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

වාකරේ පදිංචිකරුවන් වන සැකකරුවන් අවුරුදු 35,48,55 සහ 67 යන වයස්වල පසුවන්නන් බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

සංවිධානාත්මකව රක්ෂිත හෙළි පෙහෙළිකරමින් මුලින්ම වහාබිම් සකසා පසුව ගම්මාන බිහි කිරීම් කරන බව බුද්ධි අංශ සදහන් කරයි.

කාලයක් තිස්සේ නැගෙනහිර පළාතේ මෙවන් ඡාවාරම් සිදුවන බව බුද්ධි අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here